Monday, March 17, 2014

16 රිය පදවන පුද්ගලයෙකු ඉන්ධන පරිභෝජනය හා නඩත්තු වියදම් අවම කළයුත්තේ ඇයි ?



  1.  ඉන්ධන හා වාහන අමතර  කොටස්  මිලදී  ගැනීම  සඳහා  කෙල්න්ම  වෙදේශ  විනිමය  වැය  වේ.
  2. ඉන්ධන  වලින්  ඵලදායි  ධාවනය  සඳහා  භාවිතා  වන්නේ  65% ක්  පමණි , 35% අපතේ  යයි . ( බලශක්තිය අපතේ යාම )
  3. රිය පදවන්නෙකු  ඉන්ධන  පරිබෝජනය  අවම  කිරීමට විශේෂ  අවධානයක්  යොමු  කිරීම  කාලීන අවශ්‍යතාවයකි .   

රිය පදවෙමේදී  ඉන්ධන  පරිබෝජනය  හා  නඩත්තු වියදම්  අවම  කරන්නේ  කෙසේද  ? Economical Driving 
  • ඉන්ධන  පරිභෝජනය  අඩුවැඩි වීම  පවත්වා  ගැනීමේ  ප්‍රධානතම සාධකය  වන්නේ  ඔබගේ  රිය  පැදවීමේ විලාසිතාවයි ( Style of Driving 
  1. ඔබ  රිය පදවන්නේ  කෙසේද ? (How you drive)
  2. ඔබ  රිය පදවන්නේ  කුමන  මාර්ග වලද ? (Where you drive)
  3. ඔබ  රිය පදවන්නේ  කුමන  වේලාවකද  ? (When you drive) 

  • අක්සිලරේටරය  නොපාගා  එන්ජිම  පණගැන්වීමට  පුරුදු වන්න . (Avoiding fast start )
  • එන්ජිම  නිතරම  හොද  යන්ත්‍රික  තත්වයේ  තබා ගැනීම හා  කාලීන   නඩත්තු  කටයුතු  නියමිත  වෙලාවට  ඉතුකර ගන්න.          ( අමතර  කොටස්  අනවශ්‍ය ලෙස  ගෙවී යාම  වලකී )
  • අවශ්‍ය  අවස්ථාවලදී  පමණක්  වායු  සමීකරණය ක්‍රියාත්මක  කරන්න .(Only when necessary)
  • අබලන් මාර්ග  වල සෙමින්  ධාවනය  කරන්න .
  • ටයර් වල නියම්ත  හුලං  ප්‍රමාණය  පවත්වා  ගැනීම  සම්බන්ධව  නිතරම  අවධානය  යොමුකරන්න .පටවන  බරට  ගැලපෙනසේ  හුලං  ප්‍රමාණය වෙනස් විය යුතු  බව අමතක  නොකරන්න .( ටයර්  වල ආයු කාලය වැඩිකර ගැනීම  හා  ඉන්ධන  පරිබෝජනය  අවමකර  ගැනීමට උපකාරී වේ .)
  • අනෙක් වාහන  සමඟ  අරක්‍ෂාකාරී පරතරයක්  තබාගෙන  නිතරම  ධාවනය කරන්න .(Keep your distance from other vehicles) එසේ  කිරීමෙන්  ක්‍ෂණිකව  නැවත වීමට  සිදුවන අවස්ථා  මඟහැර  යයි. මේ නිසා  ලයිනර්   හා  ටයර්  අනවශ්‍ය ලෙස  ගෙවීයාම  වලකින  අතර  ඉන්ධන  ඉතිරියක්ද  සිදුවේ .(නැවත  වේගය වැඩිකරගැනීම  සඳහා  අමතර ඉන්ධන  ප්‍රමාණයක්  වැය කිරීමට  සිදු වේ ) 
  • ක්‍ෂණික තිරිංග   යෙදවීමේ  වාර  ගණන  අඩු  කරන්න.  
  • සැහැල්ලු හා  මෘදු  ලෙස  තිරිංග  පාවිච්චි  කිරීමට  පුරුදු වන්න .Soft Brake
  • වහනය  පළමුවන  තිරිංගය  (1st Brake) අක්සිලරේටරය බව  පිළිගන්න .
  • අතින්  ගියර්  දමන  වාහන වල  වේගය  පාලනය  කරන්න  2 වර  ත්රිංගය  ගියරයයි . - 2nd Brake
  • වහනය  තුල  අනවශ්‍ය  බර  දේවල්  තබාගෙන  යාමෙන්  වලකින්න .(Do not rest your foot on the brake pedal while driving)
  • Brake පැඩලය  මත  සැහැල්ලුවෙන්  හෝ  පය  තබා යාමෙන්  වලකින්න .(Do not rest your foot on the brake pedal while driving)
  • ස්වයංක්‍රීය  ගියර්  පෙට්ටියක්  සහිත  (Auto Gear)  වාහනයක්  පදවන විට
  • වාහන  තද බද අවස්ථාවලදී  හා  නගරවල  ධාවනය  කරනවිට  "D"   අවස්ථාව  හැර  "I " හෝ  "02"  වැනි  ගියරයක  ධාවනය  කරන්න ." මෙහිදී  Brake  පෑඩ්  ගෙවීයාම වැළකී, නිතර  ගියර්  මාරු  නොවීම  නිසා  ගියර්  පෙට්ටියේ  තෙල්  රත්වීම අවමකරයි "
  • පල්ලමක  ධාවනයේදී  අඩු ගියර්  පාවිච්චි නොකිරීම  නිසා  Brake  පෑඩ් / ලයිනර්  ඉක්මනින්  ගෙවීයනවා  මෙන්ම තිරිංග  පද්ධතිය  අක්‍රිය වීමටද  ඉඩකඩ ඇති  බව  තේරුම් ගන්න .
  • ආලෝක  සංඥා, මංසන්ධි  හා  වාහන  තදබද වලදී  වාහන  වැඩි  වෙලාවක්  නවතාගෙන සිටීනම් "N " අවස්ථාවේ  තබාගැනීම .
  • නිතරම  රෝද  වල  වීල්  එලයිමන්ට්  නිවැරදිව  තබා ගැනීමට  අවධනය  යොමු කරන්න .( වීල්  එලයිමන්ට් වෙනස් වීම නිසා  ටයර් ගෙවීම  ඉක්මන් වේ .ටයරය  අක්‍රමවත්ව ගෙවුන  විට කරකැවීමට  වැඩි බලයක්  යෙදීම  නිසා  වැඩි  ඉන්ධන  වැයවීමක්   සිදුවේ .)
  • වේගයෙන්  ධාවනය  කරනවිට  ජනේල්  වසා නොමැති වීම හේතුවෙන් වාහනය තුළට  වේගයෙන්  වාතය  ඇදී  ඒම නිසා   වහනය  ධාවනයට  වැඩි  ඉන්ධනන්  ප්‍රමාණයක්  වැය  කරීමට  සිදුවේ . එසේම  වාහනය ධාවනයේදී ඉදිරියෙන්  හෝ  හරස් අතට ස්වභාවික  හුළං  හමන විට වාහනයේ වේගය අඩු කරන්න . නො  එසේ නම් වාහනයේ   වේගයද  ප්‍රතිවිරුද්ධව  එකතුවී  වාහනයට  වැඩි  තෙරපීමක්  ඇතිවීම නිසා  ඉන්ධන  පරිභෝජනය වැඩිවේ . 
  • වහනය  ධාවනය  නොකර  වැඩි වෙලාවක්  පන  ගන්වා  තිබීම  අනවශ්‍ය  ඉන්ධන  වය කිරීමක්  සිදුකරයි . එන්ජිම  පනගැන්වී  තිබීමට වැඩි ඉන්ධන  ප්‍රමාණයක්  අවශ්‍ය  වන බව  බොහෝ දෙනෙක්  නොදනී . වහනය  ධාවනය  වන විට  බොහෝ අවස්ථාවලදී  රෝද වල  කැරකුම්  බලයෙන් එන්ජිම  කරකැවීමටද  රුකුලක් ලබාදෙයි .( ටර්බෝ  චාජරය  සහිත  වාහනයක   එන්ජිම  නතර  කිරීමට  පෙර අවම  වේගයෙන්  විනාඩියක් පමණ  කාලයක්වත්  තබන්න  )
  • න්ජිම පනගන්වා  තිබියදී  ප්‍රධාන  පහන්  ඇතුලු වැඩි  විදුලි  ධාරාවක්  අවශ්‍ය  පහන්  දල්වාගෙන  සිටීම  ඉන්ධන  වැඩියෙන් වයවීමට  හේතුවක්  වන බව  බොහෝ  දෙනෙක්  නොදන්නා  කරුණකි ( ඕල්ටර්  නේටරයක්  සහිත  වහනයක්  පනගන්වා  ඇති  විට  විදුලි  ජනකයෙන්  පහන්  වලට  කෙලින්ම  විදුලිය  සපයයි .වොට්  ගණන් වැඩිවනවිට  ජනකායට වැඩි බරක්  වැටෙන හෙයින්  එය කරකැවීමට  එන්ජිමට අතිරේක  බලයක්  යෙදවීමට  සිදුවන නිසා ඉන්ධන  දැවීම  වැඩිවේ.) එම නිසා  අසවශ්‍ය  සෑම  අවස්ථා වකම ප්‍රධාන  පහන්  නිවා දමන්න .
  • වාහනයේ අක්සිලරේටරය මෘදුව  හා  ක්‍රමක්‍රමයෙන්  පාගන්න .(Smooth & Gradually)  
  • එන්ජිමේ  නිවැරදි  දහනය  මගින්  වැඩි බලයක් ලබාදෙයි .  දහනයට  ප්‍රධානතම සාධකය  වායුවයි.ඔබ  වායු  ෆිල්ටරය  (Air Filter)    අපිරිසිදුවී  අවහිරවී ඇත්නම්  එය  කෙලින්ම  ඉන්ධන  දහනයට එන්ජිමේ  බලයටත්  බලපායි . සතියකට  වරක්  හෝ  දූවිලි  බහුල  ප්‍රදේශයක  ධාවනය  කලේනම් එදිනම  හෝ   ෆිල්ටරය  පිරිසිදු  කරන්න .4% කට  අසන්න  ඉන්ධන  ඉතිරියක්  ලබාගත හැක .

ඔන්න ඉතින්  මගේ  පාඩම  ඔතනින්  ඉවරයි . ඔයාලට  මේ  සම්භන්ධයෙන්  මොනවා  හරි  ගැටළු  තියෙනවා නම්  එවන්න ,  අයෙත්  මන්  මේවගේ  පාඩමකින්   හමුවෙන්නම් කෝ,  මොකද  මට   මේ දවස් වල  මේවා  ගැන  ටිකක්  ඉගෙන ගන්න  වෙලා තියෙනවා. ගෙම්බෙක්  ගිය  උඩ කිවූවලු....

පිටපත   :   තටු ලැබුණ ගෙම්බා / T .D .C .P සහෝදරයා ©
සංස්කරණය : තටු ලැබුණ ගෙම්බා
පින්තුර  සියල්ල :  Google දෙවියන්ගෙන්
විශේෂ ඉස්කෝතුව  :  කළු තාරාවා විසින් සුදු හාවාට/T .D .C .P සහෝදරයාට




4 comments:

  1. Thanks.. Be more accurate in practical.. Do not depend on the facts okay.. Keep going.. Wish you all the best

    Oops. Pl remove word verification.

    Settings - comments - remove word verification

    ReplyDelete
  2. Word Verification removed, Thank .U..,දේශක යා මහතා,Highly appreciate your comment




    ReplyDelete
  3. කාලීනයි. නමුත් නැවත වතාවක් කියවලාම පබ්ලිං කලානම් අඩුපාඩු සෑහන් හදාගන්න තිබ්බා.
    තව ඉහලින් පියාමන්න්න ලැබේවා ගෙම්බට.

    මමත් වාහන කතා සෑහෙන්න ලියලා තියෙනවා. ඇවිත් බලන්න අම්ගේ ඩෙනිමට.

    ReplyDelete
    Replies

    1. අනිවා අනිවා මන් " මගේ ඩෙනිම " මම කියවන එකක් තමයි හැමදාමත්

      Delete