Tuesday, November 25, 2014

29.මුනු පොතේ චැට් බොක්ස් එක


ඇත්ත....
නෑහුනා තමයි...
නුබේ කටහඩ...
නොදැනුනා තමයි...
නුබේ හුස්ම සුවද...
නොදැනුනා තමයි....
උබේ ඇගිලි තුඩේ රස්නය...
ඔව් නොදැනුනා...
ඔව් නොදැනුනා...
මුනු පොතේ....
චැට් බොක්ස් එකෙන් මට නොදැනුනා...
ඒත් නුබේ වචන වලින්...
උබේ ජිවිතෙම...
සුවද මට දැනුනා....
නුබට හිතා ගන්ටවත්....

බැරි තරමට දැනුනා...

28.බැම්ම ලිහලා පලයන්...

ඇද රෙද්දෙ තැවරිච්.....

පුන්චි ඒ ලේ බින්දු.....!
ගතු කිව්වා උබ මගේමයි මටමයි කියල....
රන තිසරු මත තියපු....
මගේ අත තද කරන් උබ කිව්වා....
දාලා යන්න එපා රත්තතරන්.....
නෑ මම ගියෙ නෑ.....
මට යන්න බෑ....!
ඒ ලේ බැම්ම මාව බැන්දා.....
ගැට ගැහුවා නුබේ නිරුවත මැදින් මම දැක්ක....
ඒ නුබේ ආදරයට....
මම ඉතින් බැමි පිටින් ඉදියා උබ වෙනුවෙන්.....
ඒත් උබ අද මට ඇද රෙද්ද විතරයි.....
උබ වෙන යහනක.....!
ඇවිත් මේ ගැට ලිහලා පලයන්...

මට මේ යහනෙන් බැහැලා යන්න....

Sunday, November 2, 2014

27. අම්මපා කසාදේ....



අම්මා අප්පා හොයලා දුන්නා තමයි...
එත් උබ දැක්ක මොහොතේ....
පත්තු උනා හදවතේ කොනක....
ආදරේ වගේ දෙයක් ද...
මන්දා...
මට උබ මගේ කර ගන්න....
තීන්දු කරා කටයුත්ත....
කර ගත්තා කසාදේ ....
අත්සන් කරා සහතිකේ...
ගැට ගහුව ඇගිලි...
ඒත් හිතට මදි ...
හරි බයයි හෙට උදේ උබ මා හැර ගියොත්...
එකම පිලිවෙතයි...
යෝනි ගත කරා...
දහ මාසෙන් එලියට එන්න...
කසාද සහතිකේ...
හිතපු දේ උනා...
උබ තාම මන් ගාව....
ඒත් මම තාම උබ ගාවද...
ආපහු මකන්න බැරි කසාද සහතිකේ හින්දමයි
අම්මපා තාමත් මම උබ ගාව....!