Wednesday, June 18, 2014

25.ඉංජිනේරුවා








ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය...

ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ....

පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල..

ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....

පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....?

ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....

පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද?

ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ...

පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක...

ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ...

පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?

ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ.....

පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ...

ඉංජිනේරුවා : ඔව් ඔව්...

පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...?

ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා.....

පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි....

6 comments:

  1. ඒක හරි.................. කතාව පට්ටය ගෙම්බෝ....................

    ReplyDelete
  2. ගෑණිට වඩා වාහනේ ගැනනෙ බැලින්නම් මතක තිබිල තියෙන්නෙ

    ReplyDelete
  3. හික්ස්, කාර් එක හම්බුනා කියන්නේ වයිෆ් හම්බුවෙයි.. බය වෙන්න දෙයක් නෑ.

    ReplyDelete