Monday, February 10, 2014

11 අසම්මත ප්‍රේමය .....

යන එන  මඟතොට
දහසක්  නෙතු  ළඟ
නොසැලුණු  මා  සිත
සැසලුණි  ඔබ  ළඟ ...///
හිමි වීමක් නැති
ගොළු වුණු ප්‍රේමය
සිතේ දරාගෙන
සිනාසුනෙමි මම
නො හඩනු  නොහැකිව.....///
දුරහිඳ  සැනසෙමි
ඔබ රුව  දැක දැක
දිවි මඟ සරු වී 
හිනැහෙනු ඔබ සඳ ..!

10 දිවිය ....!

අහස  හුඟක් දුර උනාට
අල්ලන්නට  බැරි වුනාට
හඳ එළියෙන්  මුළු  පොළවම
එලිය  කරනවා....//
මුහුද හුඟක්  ලොකු උනාට
අතට ගන්න බැරි උනාට
හමන සුළං මුළු ගතේම  විඩා  නිවනවා ....//
සසර  හුඟක්  දිග උනාට
නතර වන්න බැරි වුනාට
භව  කතරින් එතෙර  වන්ට
පෙරුම්  පුරනවා ....//

09 දුප්පත් මගේ කැමරාව

 කොහොමද ඉතින් යාලුවනේ ....

ඔයාල දන්නවද මගේ ලග තියෙන්නේ Dialog I43 කියන Phone එකක් .
ඉතින් මට මාරම ආසාවක් තියෙන්නේ පොටෝ ගන්න . මට මේ උණ  බෝ උනේ  මගේ යාලුවෙක් ගෙන් . මේක  ලගකදී  ඇති උන  ලෙඩක්, ඉතින් මන් ගන්න පොටෝ සමහර ඒවා පට්ටම අප්සෙට් හරිය . කලාතුරකින් එකක් දෙකක් එළමකිරි  වගේ එනවා .මුණු පොතටත් දානවා ,මට හිතුන ඒවා මේකෙත් රිංගන්න එකක් දෙකක් . මේ පින්තුර  මන් ගත්තේ  මගේ Phone එකෙන් කියල කඋරුත් විස්වාස කරේ නැ  හැබැයි මේ පින්තුර ටිකක් කල් ගතට ඒවා වගයක්. බලන්නකෝ  ඔයාලත් කොහොමද කියලා .

  1. මනමාල   කටුස්සා
 
  
  1. මේ තියෙන්නේ යාලුවනේ ගෙඩියක් .  නම  නම් දන්නේ නැ .අහන්නත් එපා හරිය . 




 තවත් පින්තූර  ටිකක් තියේනවා මන් ඒවා පස්සේ දාන්නම්කො හරිය . එතකන් මේ  ටික  බලන්න ..

Saturday, February 8, 2014

08 හන්තානට පායන සඳ

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න...
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න...//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න...//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න...//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න...
හන්තානට පායන සඳ...//


Thursday, February 6, 2014

07 Song By. Mastro .W.D. Amaradeva



ජීවිතයේ තනිමංසල අතරමං වෙලා....
හුදකලාව සුසුම් හෙලන හදවත සනහා 
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න 
ආරාධනා .......

06 නොහැකි මුත් නුඹට සමු දෙන්නට ..


නොහැකි මුත්  නුඹට සමු දෙන්නට .....
නුඹ මට සමුදුන් නියාවෙන් 
සමුගෙන යා යුතුව ඇත ......
නුඹ මගේ  සුලැගිල්ල  දෝතින්ම බදාගෙන 
මුතු සේ  සිහින්  පොද වැටෙන
 නිසොල්මන් වෙලාවක 
ඒ පුංචි කුඩේ  යට
සෙනෙහසින් වේලීගෙන
ආදර මාවතේ තැබූ  පිය සටහන්
මැකී ගියේද ....?
නුඹ මකා දැමුවේද ....?
 නොදනිම් .....

Wednesday, February 5, 2014

05 ප්‍රේමය...

"  නිමක් නැති ඉසව්වක
මං මුලාවූ  සිහිනයකි  ප්‍රේමය  "

Monday, February 3, 2014

04 මතක සැමරුම් Part 01

ඩා  වැටෙන හද මඩලට
දිවියේ එක වූ
අමිහිරිතම සිතුවම .....
නෙත් අග
කදුලින් තෙත් කරණ
මුවග  රැදි  සිනහව
මොහොතින් වියෙකෙනා
බොදවූ සිහිනයකි අතීතය.....

03 සිහින කුමරියේ.......

නිල් අහසේ දිලෙන
පහන් තරුවක්
දෝතට අරගන්නට
සිහින සිතුවම් කලද ........

තරු අයිති  අහස ටයි,
මුව අද්දර
හසරැල්ලක් වන්නට පෙරුම් පිරුවද
නෙතු අද්දර රැදි
කඳුළු බිදුවක් වන්නට වුයේ මන්ද ......

02 යථාර්තය ..... :)

සඳට එලිය නැත හිරු ලග නොමැති              විට
නොමැත සුවද නොව විකසිත කුසුම            කට
ඇතිද මිරිගු මිස දිය මාරු කතර                    කට
නැතිද මිතුරු දම් මිස අන් දෙයක්                  මට

01 පියාපත් දෙන්න මට ..


පියාපත් දෙන්න මට ඉගිලෙන්න හිස් අහසෙ  
පුබුදන්න දිගු නින්ද සෙමෙන් මුදු වදනකින්  
ගඟක් සේ ඉඩදෙන්න ගලන්නට ජීවිතේ  
බලා ඉමි එනතුරා ඔබ මවෙත සෙනෙහසින් ..........