Sunday, March 16, 2014

14 නීරෝගීමත දිවි පෙවේතකට ...


 ඉතින්  කොහොමද යාලුවනේ , අද මැදින් පෝය  දවස . දිගින් දිගටම  එක දිගට  වැඩ කරලා පොඩී නිවාඩුවක් හම්බුනා . පෝය දවස හින්ද ගෙදර උදවිය ඔක්කොම  සිල් ගන්න ගිහින් . වෙනදට නම්  මේ වගේ දවසක් එනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ ..ඒවා ගැන දන්නෝ  දනිති .  ඉතින් ඔහොම ඉන්නකොට  මට  අපු අදහස් තමයි ඔයාලට මෙහෙම කියන්න හිතුනේ.. ඔය ගොල්ලොත්  හිතන්නකෝ පොඩ්ඩක් මේක ගැන

අප කවුරුත් නීරෝගීව  සිටීමට නම් පරිසරයේ  සමතුලිත භාවය එසේත්  නැතිනම්  පරිසරයේ  විෂමතාව  බලපායි .

අප ශරීරයේ  ජලය උෂ්ණත්වය යන ආදිය පාලනය නොවූ විට අප රෝගී වේ. එනම් උෂ්ණත්වය වැඩි වූ විට උණ හටගනී .අඩු වීමද රෝගී වීමට හේතුවකි . ශරීරයේ  ජලය වැඩිවුවහොත් රෝගී වේ .එනම් ශරීරය ඉදිමේ. ජලය අඩුවීම ද  විජලනයට  හේතුවේ . අභන්තර  පරිසරයේ  සමතුලිත තාව  තබා ගැනීමට ශරීරය දැඩි වෙහෙසක්  දරයි .එය   ශරීරයෙන්  සිදු කරන ප්‍රධානතම ක්‍රියාවලියයි . බාහිර  පරිසරය යන්න සමෙන් වැසී ඇති සිරුරට අමතරව ඇති  පරිසරයි .බාහිර  පරිසරයට සාපේක්ෂව  අභ්‍යන්තර  සමතුලිත තාව  තිබිය  යුතුය  පරිසරයේ  ඇතිවෙන යම් යම් වෙනස්කම්වලට යම් පරාසයක්  දක්වා  ශරීරයට  ඔරොත්තු දීමේ හැකියාව  ඇත. 

උදාහරණ : දැඩි සීතල ප්‍රදේශයක සිටියාය කියා  මිය  යන්නේ නැත. අදික උෂ්ණත්වයක් පැවති  ස්ථානයක  උවද එසේ  නොවේ .
නමුත් යම් සීමාවකින්  පසු  රෝගී වීමට හෝ මියයාමට පුළුවන .එසේ නම් පරිසරය හා  මිනිසා  අන්‍යෝන්‍ය ලෙස පැවැත්ම සදහා ඔරොත්තු දෙමින් ඉදිරියට ගියද මිනිසාට හැඩගැසීමට ඇති වේගයට වැඩ වේගයකින් පරිසරය වෙනස් වීමට  පටන් ගනී .මිනිස් ශරීරය ඉතා පහසුවෙන් උවද මේ තත්වය  දරා ගැනීමට උත්සහ කරද දිගුකාලීනව බලන විට විවිදාකාර  විපත් මිනිසා ලුහුබදී . ඒවා බැලු බැල්මට   නොපෙනේ .එසේත්  විවිධ  ආකාරයේන් කල්ගතවූ රෝග, තවමත්  සොයා නොගත් විවිධ  පිලිකා  රෝග තත්වවලට  හේතුන්  ලෙස  වෛද්‍යවරුන්  කියන්නේ  පරිසරයේ  වෙනස් වීම් වලට  ඔරොත්තු  නොදීමයි . 
 සටහන
පිටපත   :   තටු ලැබුණ ගෙම්බා ©     
පින්තුර  සියල්ල :  Google දෙවියන්ගෙන්
විශේෂ ඉස්කෝතුව  :  කළු තාරාවා විසින් සුදු හාවාට ( පොඩී සිගිති අතල් එකක්  )

No comments:

Post a Comment