ගමනක් යන ගමන් හදිසි අවශ්‍යතාවයක් නිසා මම පොදු වැසිකිලියකට ඇතුල් වුනා. මගේ වැඩේ කරගෙන යද්දිම එහා පැත්තෙ පාටිෂන් එකේ මනුස්සයා කියනවා,
"ආ.. කොහොමද?"
සාමාන්‍යයෙන් මෙතන කතාබහක් නොකෙරෙන තැනක් වුනත් ටිකක් ලැජ්ජාවෙන් මං උත්තර දුන්න,
"වරදක් නෑ"
මගේ වැඩේට ආයෙමත් බාධා කරමින් මෙයා අහනව,
"ඉතිං, මොනවද කරන්නෙ?"
(යකෝ මේකෙ ඇතුලෙ වෙන මොනව කරන්නද)
කොහොම හරි කේන්තිය යට ගහගෙන මං කිව්වා,
"ඔයා වගේම තමයි, ගමනක් යන ගමන්"
මට නිකම් මොකක්ද වගේ මේ මනුස්සය මාත් එක්ක කතා කරපු හැටි. කොහොමහරි මගේ කාර්යය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යෝදය අහපි,
"මං ඔහෙට එන්නද?"
හෑඃ!!! ඔන්න මගෙ රතුකට්ට පනිනව ඕං. කමක් නෑ. එළියට යන්න හදන ගමන් මං උත්තර දුන්න,
"බෑ...මං මෙතන ලොකු වැඩක්!"
ආයෙත් එහා පැත්තේ පොර කියනව ඇහෙනව,
"මේ, මං ඔයාට තව ටිකකින් ගන්නම්, මේ එහා පැත්තෙ ඉන්න පිස්සා මං කියන හැම එකටම උත්තර දෙනව!"
Phone එකත් අරන් වැසිකිලි යද්දි ඔහොම දේවල් වෙනවා ඈ !
හැක් හැක්....
හුහ්.. යකෝ ඉල ඇදෙනවා.
ReplyDeleteපට්ටම සීන් එක තමයි වුනේ !!!
Deleteවිලි ලජ්ජාවේ සන්තෝසේ බැරුවා ....
අයියෝ.... :ඩී වස ලැජ්ජාවනේ
ReplyDeleteහයියෝ සල්ලී කිවුවලු..
ReplyDeleteහැකක්......හැක් ...... සුපිරි බොල ....
ReplyDeleteතව නූලෙන් සුපිරි තමයි....හැක්......හැක් ......
ReplyDeleteයන්තම් ඇති අන්ඩක් කඩා ගන්නේ නැතුව ආවා....ගෙබි රාළ.....
හයියො,විලිලැජ්ජාවයිනේ
ReplyDeleteතොට පිස්සූ කියලා ඒ මනුස්සයා මක්කා කොරන්නෙයි...
ReplyDelete**** හඳේ....පිස්සු හැදුනා බං මේක කියවලා. අමු කුරහන් බන් මෙහෙම දෙයක් වුනොත්.
ReplyDelete