Wednesday, March 19, 2014

17 සරම යනූ මහා පුදුම දෙයකි..

වැඩිහිටි අය  නිදාගෙන ඇහැරෙන විට එය  ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේසලක්සනයයි....
විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම
සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි....

එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට
උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...

මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි..
කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා
සිටින්නෙ කටිනි..
එය මාර ප්‍රයෝජනයකි...
සරම බහුකාර්ය උපකරනයකි..
ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා
කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය...
සරම සරලය..
අවාසිද සහිතය..


ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්ක්‍රමිකතා රාශියකි
අන් අයගේ සිහිවිසඤතාව , මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිනවේ...
සරමේ ප්‍රධානම කොටස ගැටයයි.. එමගින් සමස්ත සරමම පාලනය කරයි.. බසයේ යනවිට
සරමක් අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය. පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින් ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන්
සැලකිලිමත් විය යුතුය,
සරමට සදා ජය !


පිටපත   :  තටු ලැබුණ ගෙම්බා 

සංස්කරණය : තටු ලැබුණ ගෙම්බා 
පින්තුර  සියල්ල :  Google දෙවියන්ගෙන්




5 comments:

  1. නියමයි.කලින් ලිපිය සැහෙන්න වටිනව.

    ReplyDelete
  2. කලසමට වඩා සෑම අතින්ම පහසු අතර. සරම උස්සා පුක පෙන්වන්නට හැකිවීම මේ සියල්ලටම වඩා මට වටී.. (මම ජීවීතේට සරම් අඳින්නේ නැත.)

    ReplyDelete
  3. හැක් හැක්, නියමයි. කටේ සහ දත් දෙපලේ ප්‍රයෝජනය ඒකයි නේහ්?
    උඹ දන්නවද කං දෙකේ සහ නහයේ ප්‍රයෝජනේ? ඔය දෙක ඕනැ වෙන්නේ කන්ටැක්ට් ලෙන්ස් නොදා කන්නාඩි දාන අයට. කන්නාඩිය රඳවා ගන්න.
    BTW, I'm a shorts dude.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි... Comment කරපු සැට් එකටම !

    ReplyDelete