Sunday, November 2, 2014

27. අම්මපා කසාදේ....



අම්මා අප්පා හොයලා දුන්නා තමයි...
එත් උබ දැක්ක මොහොතේ....
පත්තු උනා හදවතේ කොනක....
ආදරේ වගේ දෙයක් ද...
මන්දා...
මට උබ මගේ කර ගන්න....
තීන්දු කරා කටයුත්ත....
කර ගත්තා කසාදේ ....
අත්සන් කරා සහතිකේ...
ගැට ගහුව ඇගිලි...
ඒත් හිතට මදි ...
හරි බයයි හෙට උදේ උබ මා හැර ගියොත්...
එකම පිලිවෙතයි...
යෝනි ගත කරා...
දහ මාසෙන් එලියට එන්න...
කසාද සහතිකේ...
හිතපු දේ උනා...
උබ තාම මන් ගාව....
ඒත් මම තාම උබ ගාවද...
ආපහු මකන්න බැරි කසාද සහතිකේ හින්දමයි
අම්මපා තාමත් මම උබ ගාව....!

8 comments:

  1. අම්මප මොකද උනේ???

    ReplyDelete
  2. අම්මප කොලුවෝ සැර වැඩී උඹේ කවිය..
    කොච්චි හොදයි...තව
    ජය වේවා

    ReplyDelete
  3. කසාද බදිද්දීද කොහොමත් පත්තුවෙනවා විතරක් නෙවේ බන් අපේ පර්ස් පාරට තට්ටුත් වෙනවා :D නියමයි :) (y)

    ReplyDelete
  4. ඔය කියලා තියෙන්නේ මදි නොකියන්න... අම්මපා පට්ට

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක වුණානේ

      උඹනම් මාර ගෙම්බෙක් තමයි

      Delete
  5. ඇතුවත් බැරි නැතුවත් බැරි කසාදේ.....

    ReplyDelete
  6. කාට කාටත් දවසක ඔහොම තමයි..

    ReplyDelete