Sunday, March 23, 2014

18. මිරිඟුවකි ආදරය ....!

විටෙක,
ලස්සනම වසන්තයකි  ආදරය...
හීන මාළිගා   තනන
ජීවත් වන්නට බලාපොරොතු  ඇති කරණ...
ලස්සනම  ලස්සන  ලෝකයකි  ආදරය.... 


නමුත් තවත්  විටෙක,
තැනු මාළිගා  බිදී විසිරී යන .....
මැරෙන්නට තරම් දුක  හිතෙන .....
දුක්බරම   දුක්බර , වියෝවකි  ආදරය ....

මට  හිතෙයි  මිතුර ,
මිරිඟුවකි   ආදරය....
ජීවිතය  අවලස්සන  කරණ .....


Wednesday, March 19, 2014

17 සරම යනූ මහා පුදුම දෙයකි..

වැඩිහිටි අය  නිදාගෙන ඇහැරෙන විට එය  ඇඟේම තිබීමත් මං නිදාගෙන ඇහැරෙනවිට එය ඇද පල්ලේ තිබීමත් සරමටම ආවෙනික වූ විසේසලක්සනයයි....
විසේසයෙන්ම සරම ඔලුවෙන් ගෙන ඇදීමත්, කකුල් දෙක දමා ඇදීමත් යන දෙයාකාරයටම
සිදු කල හැකිවීම පුදුමයට ලක්විය යුතු කරුනකි....

එකල චන්ඩියාද ඇන්දෙ සරමය.. සටනකදී බිමට නොනැමී කකුල උස්සා සරමේ යට පොට
උඩට ගැනීමෙ විසේස දස්සතාවය චන්ඩියා පුරුදු පුහුනුකල යුතු ගුණාංගයකි...

මානව සරීරයේ කටක් සහ දත්පෙලක් පිහිටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේද සරමයි..
කලිසමක් මාරු කිරීමේදී සරම බස්සවා කලිසම මෙව්ව කරන තුරු සරම අල්ලා
සිටින්නෙ කටිනි..
එය මාර ප්‍රයෝජනයකි...
සරම බහුකාර්ය උපකරනයකි..
ඇදීමට අමතරව සරම උස්සා ඒ මතට යම් යම් දේ දමා
කැහැපොට ගසා ගැනීමෙන් භාණ්ඩ රහසේ ප්‍රවාහනය කල හැකිය...
සරම සරලය..
අවාසිද සහිතය..


ඔලුවෙන් හිට ගැනීමේදී සිදුවන අක්ක්‍රමිකතා රාශියකි
අන් අයගේ සිහිවිසඤතාව , මානසික අසහනය හා බව්මික අඛණ්ඩ තාවයට හානි පැමිනවේ...
සරමේ ප්‍රධානම කොටස ගැටයයි.. එමගින් සමස්ත සරමම පාලනය කරයි.. බසයේ යනවිට
සරමක් අදින්නේ නම් ගැටේ ගැන සැලකිලිමත් විය යුතුය. පොඩි එවුං හිටගත්තාම එල්ලෙන්නේ සරමෙ බැවින් ලමා මනස දූසනය වීම වැලැක්වීමට ගැටය ගැන විසේසයෙන්
සැලකිලිමත් විය යුතුය,
සරමට සදා ජය !


පිටපත   :  තටු ලැබුණ ගෙම්බා 

සංස්කරණය : තටු ලැබුණ ගෙම්බා 
පින්තුර  සියල්ල :  Google දෙවියන්ගෙන්




Monday, March 17, 2014

16 රිය පදවන පුද්ගලයෙකු ඉන්ධන පරිභෝජනය හා නඩත්තු වියදම් අවම කළයුත්තේ ඇයි ?



  1.  ඉන්ධන හා වාහන අමතර  කොටස්  මිලදී  ගැනීම  සඳහා  කෙල්න්ම  වෙදේශ  විනිමය  වැය  වේ.
  2. ඉන්ධන  වලින්  ඵලදායි  ධාවනය  සඳහා  භාවිතා  වන්නේ  65% ක්  පමණි , 35% අපතේ  යයි . ( බලශක්තිය අපතේ යාම )
  3. රිය පදවන්නෙකු  ඉන්ධන  පරිබෝජනය  අවම  කිරීමට විශේෂ  අවධානයක්  යොමු  කිරීම  කාලීන අවශ්‍යතාවයකි .   

රිය පදවෙමේදී  ඉන්ධන  පරිබෝජනය  හා  නඩත්තු වියදම්  අවම  කරන්නේ  කෙසේද  ? Economical Driving 
  • ඉන්ධන  පරිභෝජනය  අඩුවැඩි වීම  පවත්වා  ගැනීමේ  ප්‍රධානතම සාධකය  වන්නේ  ඔබගේ  රිය  පැදවීමේ විලාසිතාවයි ( Style of Driving 
  1. ඔබ  රිය පදවන්නේ  කෙසේද ? (How you drive)
  2. ඔබ  රිය පදවන්නේ  කුමන  මාර්ග වලද ? (Where you drive)
  3. ඔබ  රිය පදවන්නේ  කුමන  වේලාවකද  ? (When you drive) 

  • අක්සිලරේටරය  නොපාගා  එන්ජිම  පණගැන්වීමට  පුරුදු වන්න . (Avoiding fast start )
  • එන්ජිම  නිතරම  හොද  යන්ත්‍රික  තත්වයේ  තබා ගැනීම හා  කාලීන   නඩත්තු  කටයුතු  නියමිත  වෙලාවට  ඉතුකර ගන්න.          ( අමතර  කොටස්  අනවශ්‍ය ලෙස  ගෙවී යාම  වලකී )
  • අවශ්‍ය  අවස්ථාවලදී  පමණක්  වායු  සමීකරණය ක්‍රියාත්මක  කරන්න .(Only when necessary)
  • අබලන් මාර්ග  වල සෙමින්  ධාවනය  කරන්න .
  • ටයර් වල නියම්ත  හුලං  ප්‍රමාණය  පවත්වා  ගැනීම  සම්බන්ධව  නිතරම  අවධානය  යොමුකරන්න .පටවන  බරට  ගැලපෙනසේ  හුලං  ප්‍රමාණය වෙනස් විය යුතු  බව අමතක  නොකරන්න .( ටයර්  වල ආයු කාලය වැඩිකර ගැනීම  හා  ඉන්ධන  පරිබෝජනය  අවමකර  ගැනීමට උපකාරී වේ .)
  • අනෙක් වාහන  සමඟ  අරක්‍ෂාකාරී පරතරයක්  තබාගෙන  නිතරම  ධාවනය කරන්න .(Keep your distance from other vehicles) එසේ  කිරීමෙන්  ක්‍ෂණිකව  නැවත වීමට  සිදුවන අවස්ථා  මඟහැර  යයි. මේ නිසා  ලයිනර්   හා  ටයර්  අනවශ්‍ය ලෙස  ගෙවීයාම  වලකින  අතර  ඉන්ධන  ඉතිරියක්ද  සිදුවේ .(නැවත  වේගය වැඩිකරගැනීම  සඳහා  අමතර ඉන්ධන  ප්‍රමාණයක්  වැය කිරීමට  සිදු වේ ) 
  • ක්‍ෂණික තිරිංග   යෙදවීමේ  වාර  ගණන  අඩු  කරන්න.  
  • සැහැල්ලු හා  මෘදු  ලෙස  තිරිංග  පාවිච්චි  කිරීමට  පුරුදු වන්න .Soft Brake
  • වහනය  පළමුවන  තිරිංගය  (1st Brake) අක්සිලරේටරය බව  පිළිගන්න .
  • අතින්  ගියර්  දමන  වාහන වල  වේගය  පාලනය  කරන්න  2 වර  ත්රිංගය  ගියරයයි . - 2nd Brake
  • වහනය  තුල  අනවශ්‍ය  බර  දේවල්  තබාගෙන  යාමෙන්  වලකින්න .(Do not rest your foot on the brake pedal while driving)
  • Brake පැඩලය  මත  සැහැල්ලුවෙන්  හෝ  පය  තබා යාමෙන්  වලකින්න .(Do not rest your foot on the brake pedal while driving)
  • ස්වයංක්‍රීය  ගියර්  පෙට්ටියක්  සහිත  (Auto Gear)  වාහනයක්  පදවන විට
  • වාහන  තද බද අවස්ථාවලදී  හා  නගරවල  ධාවනය  කරනවිට  "D"   අවස්ථාව  හැර  "I " හෝ  "02"  වැනි  ගියරයක  ධාවනය  කරන්න ." මෙහිදී  Brake  පෑඩ්  ගෙවීයාම වැළකී, නිතර  ගියර්  මාරු  නොවීම  නිසා  ගියර්  පෙට්ටියේ  තෙල්  රත්වීම අවමකරයි "
  • පල්ලමක  ධාවනයේදී  අඩු ගියර්  පාවිච්චි නොකිරීම  නිසා  Brake  පෑඩ් / ලයිනර්  ඉක්මනින්  ගෙවීයනවා  මෙන්ම තිරිංග  පද්ධතිය  අක්‍රිය වීමටද  ඉඩකඩ ඇති  බව  තේරුම් ගන්න .
  • ආලෝක  සංඥා, මංසන්ධි  හා  වාහන  තදබද වලදී  වාහන  වැඩි  වෙලාවක්  නවතාගෙන සිටීනම් "N " අවස්ථාවේ  තබාගැනීම .
  • නිතරම  රෝද  වල  වීල්  එලයිමන්ට්  නිවැරදිව  තබා ගැනීමට  අවධනය  යොමු කරන්න .( වීල්  එලයිමන්ට් වෙනස් වීම නිසා  ටයර් ගෙවීම  ඉක්මන් වේ .ටයරය  අක්‍රමවත්ව ගෙවුන  විට කරකැවීමට  වැඩි බලයක්  යෙදීම  නිසා  වැඩි  ඉන්ධන  වැයවීමක්   සිදුවේ .)
  • වේගයෙන්  ධාවනය  කරනවිට  ජනේල්  වසා නොමැති වීම හේතුවෙන් වාහනය තුළට  වේගයෙන්  වාතය  ඇදී  ඒම නිසා   වහනය  ධාවනයට  වැඩි  ඉන්ධනන්  ප්‍රමාණයක්  වැය  කරීමට  සිදුවේ . එසේම  වාහනය ධාවනයේදී ඉදිරියෙන්  හෝ  හරස් අතට ස්වභාවික  හුළං  හමන විට වාහනයේ වේගය අඩු කරන්න . නො  එසේ නම් වාහනයේ   වේගයද  ප්‍රතිවිරුද්ධව  එකතුවී  වාහනයට  වැඩි  තෙරපීමක්  ඇතිවීම නිසා  ඉන්ධන  පරිභෝජනය වැඩිවේ . 
  • වහනය  ධාවනය  නොකර  වැඩි වෙලාවක්  පන  ගන්වා  තිබීම  අනවශ්‍ය  ඉන්ධන  වය කිරීමක්  සිදුකරයි . එන්ජිම  පනගැන්වී  තිබීමට වැඩි ඉන්ධන  ප්‍රමාණයක්  අවශ්‍ය  වන බව  බොහෝ දෙනෙක්  නොදනී . වහනය  ධාවනය  වන විට  බොහෝ අවස්ථාවලදී  රෝද වල  කැරකුම්  බලයෙන් එන්ජිම  කරකැවීමටද  රුකුලක් ලබාදෙයි .( ටර්බෝ  චාජරය  සහිත  වාහනයක   එන්ජිම  නතර  කිරීමට  පෙර අවම  වේගයෙන්  විනාඩියක් පමණ  කාලයක්වත්  තබන්න  )
  • න්ජිම පනගන්වා  තිබියදී  ප්‍රධාන  පහන්  ඇතුලු වැඩි  විදුලි  ධාරාවක්  අවශ්‍ය  පහන්  දල්වාගෙන  සිටීම  ඉන්ධන  වැඩියෙන් වයවීමට  හේතුවක්  වන බව  බොහෝ  දෙනෙක්  නොදන්නා  කරුණකි ( ඕල්ටර්  නේටරයක්  සහිත  වහනයක්  පනගන්වා  ඇති  විට  විදුලි  ජනකයෙන්  පහන්  වලට  කෙලින්ම  විදුලිය  සපයයි .වොට්  ගණන් වැඩිවනවිට  ජනකායට වැඩි බරක්  වැටෙන හෙයින්  එය කරකැවීමට  එන්ජිමට අතිරේක  බලයක්  යෙදවීමට  සිදුවන නිසා ඉන්ධන  දැවීම  වැඩිවේ.) එම නිසා  අසවශ්‍ය  සෑම  අවස්ථා වකම ප්‍රධාන  පහන්  නිවා දමන්න .
  • වාහනයේ අක්සිලරේටරය මෘදුව  හා  ක්‍රමක්‍රමයෙන්  පාගන්න .(Smooth & Gradually)  
  • එන්ජිමේ  නිවැරදි  දහනය  මගින්  වැඩි බලයක් ලබාදෙයි .  දහනයට  ප්‍රධානතම සාධකය  වායුවයි.ඔබ  වායු  ෆිල්ටරය  (Air Filter)    අපිරිසිදුවී  අවහිරවී ඇත්නම්  එය  කෙලින්ම  ඉන්ධන  දහනයට එන්ජිමේ  බලයටත්  බලපායි . සතියකට  වරක්  හෝ  දූවිලි  බහුල  ප්‍රදේශයක  ධාවනය  කලේනම් එදිනම  හෝ   ෆිල්ටරය  පිරිසිදු  කරන්න .4% කට  අසන්න  ඉන්ධන  ඉතිරියක්  ලබාගත හැක .

ඔන්න ඉතින්  මගේ  පාඩම  ඔතනින්  ඉවරයි . ඔයාලට  මේ  සම්භන්ධයෙන්  මොනවා  හරි  ගැටළු  තියෙනවා නම්  එවන්න ,  අයෙත්  මන්  මේවගේ  පාඩමකින්   හමුවෙන්නම් කෝ,  මොකද  මට   මේ දවස් වල  මේවා  ගැන  ටිකක්  ඉගෙන ගන්න  වෙලා තියෙනවා. ගෙම්බෙක්  ගිය  උඩ කිවූවලු....

පිටපත   :   තටු ලැබුණ ගෙම්බා / T .D .C .P සහෝදරයා ©
සංස්කරණය : තටු ලැබුණ ගෙම්බා
පින්තුර  සියල්ල :  Google දෙවියන්ගෙන්
විශේෂ ඉස්කෝතුව  :  කළු තාරාවා විසින් සුදු හාවාට/T .D .C .P සහෝදරයාට




15 රෑ අහසේ තාරකාවී නුඹයි ...


රෑ අහසේ තරු  තිබුණට
සඳක් නොමැත අකාසේට,
ඔබ අවොත්  රෑ  අහසට 
එළිය  වැටෙයි  රෑ  අහසම ...
නුඔ එළියෙන් මගේ ලෝකය
එලිය කරන්  බලන් ඉන්න
ආසයි මං හැමදාමත්
නුඹේ  ළඟට  වෙලා ඉන්න..
නුඹ  සිටියොත්  මගේ ලගින්
දුක නම්  නැ මගේ  සිතට
හැමදා  ලගින්  ඉන්න
දිවි ගෙවන්න  ආසයි මං
යලි නොහැකිය කිසිම දිනක
නුඹේ වෙලා  ලඟින් ඉන්නට .!

Sunday, March 16, 2014

14 නීරෝගීමත දිවි පෙවේතකට ...


 ඉතින්  කොහොමද යාලුවනේ , අද මැදින් පෝය  දවස . දිගින් දිගටම  එක දිගට  වැඩ කරලා පොඩී නිවාඩුවක් හම්බුනා . පෝය දවස හින්ද ගෙදර උදවිය ඔක්කොම  සිල් ගන්න ගිහින් . වෙනදට නම්  මේ වගේ දවසක් එනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ ..ඒවා ගැන දන්නෝ  දනිති .  ඉතින් ඔහොම ඉන්නකොට  මට  අපු අදහස් තමයි ඔයාලට මෙහෙම කියන්න හිතුනේ.. ඔය ගොල්ලොත්  හිතන්නකෝ පොඩ්ඩක් මේක ගැන

අප කවුරුත් නීරෝගීව  සිටීමට නම් පරිසරයේ  සමතුලිත භාවය එසේත්  නැතිනම්  පරිසරයේ  විෂමතාව  බලපායි .

අප ශරීරයේ  ජලය උෂ්ණත්වය යන ආදිය පාලනය නොවූ විට අප රෝගී වේ. එනම් උෂ්ණත්වය වැඩි වූ විට උණ හටගනී .අඩු වීමද රෝගී වීමට හේතුවකි . ශරීරයේ  ජලය වැඩිවුවහොත් රෝගී වේ .එනම් ශරීරය ඉදිමේ. ජලය අඩුවීම ද  විජලනයට  හේතුවේ . අභන්තර  පරිසරයේ  සමතුලිත තාව  තබා ගැනීමට ශරීරය දැඩි වෙහෙසක්  දරයි .එය   ශරීරයෙන්  සිදු කරන ප්‍රධානතම ක්‍රියාවලියයි . බාහිර  පරිසරය යන්න සමෙන් වැසී ඇති සිරුරට අමතරව ඇති  පරිසරයි .බාහිර  පරිසරයට සාපේක්ෂව  අභ්‍යන්තර  සමතුලිත තාව  තිබිය  යුතුය  පරිසරයේ  ඇතිවෙන යම් යම් වෙනස්කම්වලට යම් පරාසයක්  දක්වා  ශරීරයට  ඔරොත්තු දීමේ හැකියාව  ඇත. 

උදාහරණ : දැඩි සීතල ප්‍රදේශයක සිටියාය කියා  මිය  යන්නේ නැත. අදික උෂ්ණත්වයක් පැවති  ස්ථානයක  උවද එසේ  නොවේ .
නමුත් යම් සීමාවකින්  පසු  රෝගී වීමට හෝ මියයාමට පුළුවන .එසේ නම් පරිසරය හා  මිනිසා  අන්‍යෝන්‍ය ලෙස පැවැත්ම සදහා ඔරොත්තු දෙමින් ඉදිරියට ගියද මිනිසාට හැඩගැසීමට ඇති වේගයට වැඩ වේගයකින් පරිසරය වෙනස් වීමට  පටන් ගනී .මිනිස් ශරීරය ඉතා පහසුවෙන් උවද මේ තත්වය  දරා ගැනීමට උත්සහ කරද දිගුකාලීනව බලන විට විවිදාකාර  විපත් මිනිසා ලුහුබදී . ඒවා බැලු බැල්මට   නොපෙනේ .එසේත්  විවිධ  ආකාරයේන් කල්ගතවූ රෝග, තවමත්  සොයා නොගත් විවිධ  පිලිකා  රෝග තත්වවලට  හේතුන්  ලෙස  වෛද්‍යවරුන්  කියන්නේ  පරිසරයේ  වෙනස් වීම් වලට  ඔරොත්තු  නොදීමයි . 
 සටහන
පිටපත   :   තටු ලැබුණ ගෙම්බා ©     
පින්තුර  සියල්ල :  Google දෙවියන්ගෙන්
විශේෂ ඉස්කෝතුව  :  කළු තාරාවා විසින් සුදු හාවාට ( පොඩී සිගිති අතල් එකක්  )

Monday, March 10, 2014

12 මන් මගේ හාවිට, ආදරේ කරපු තරම්...



විනාඩි පැය දවස් ගෙවිලා යනවා මාත් එක්ක තරහ වෙලා, තාමත් මගෙ හාවී...
ඔයාගේ ඔය පුංචි හිනාව ඔයා කියපු කතා, තාමත් මට ඔච්චම් කරන්වා මගේ පණ...
ඔයාට මාව මතක් වෙන්නෙම නැද්ද.. ඔයා ලගින්ම ඉන්න ආස කර්පු නිසා ඔයා අපහු ඒවි කියලා, රෑවටුනු ඈස් හෑමදාම අඩනවා..
ඔයාට ඒවා දෑන්නේ නෑ... නෑ ඔයා දන්නව... ඒත් නොදන්නවා වගේ ඉන්නවා...
කවද හරි දවසක තෙරුම් ගනී මන් මගේ හාවිට, ආදරේ කරපු තරම්...
අනේ එදාට මාත් එක්ක හිනා වෙලා කතා කරන්න.. මං ඔයාත් එක්ක... කවදාවත් තරහ නැ, සත්තයි මගේ හාවී....