Wednesday, March 26, 2014

21. එහා පැත්තේ එකා 18+


ගමනක් යන ගමන් හදිසි අවශ්‍යතාවයක් නිසා මම පොදු වැසිකිලියකට ඇතුල් වුනා. මගේ වැඩේ කරගෙන යද්දිම එහා පැත්තෙ පාටිෂන් එකේ මනුස්සයා කියනවා,

"
ආ.. කොහොමද?"




සාමාන්‍යයෙන් මෙතන කතාබහක් නොකෙරෙන තැනක් වුනත් ටිකක් ලැජ්ජාවෙන් මං උත්තර දුන්න,

"
වරදක් නෑ"
මගේ වැඩේට ආයෙමත් බාධා කරමින් මෙයා අහනව,

"
ඉතිං, මොනවද කරන්නෙ?"
(
යකෝ මේකෙ ඇතුලෙ වෙන මොනව කරන්නද)
කොහොම හරි කේන්තිය යට ගහගෙන මං කිව්වා,

"
ඔයා වගේම තමයි, ගමනක් යන ගමන්"
මට නිකම් මොකක්ද වගේ මේ මනුස්සය මාත් එක්ක කතා කරපු හැටි. කොහොමහරි මගේ කාර්යය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මේ යෝදය අහපි,

"
මං ඔහෙට එන්නද?"

හෑඃ!!! ඔන්න මගෙ රතුකට්ට පනිනව ඕං. කමක් නෑ. එළියට යන්න හදන ගමන් මං උත්තර දුන්න,

"
බෑ...මං මෙතන ලොකු වැඩක්!"

ආයෙත් එහා පැත්තේ  පොර කියනව ඇහෙනව,


"
මේ, මං ඔයාට තව ටිකකින් ගන්නම්, මේ එහා පැත්තෙ ඉන්න පිස්සා මං කියන හැම එකටම උත්තර දෙනව!"

Phone
එකත් අරන් වැසිකිලි යද්දි ඔහොම දේවල් වෙනවා ඈ ! 
හැක්  හැක්....

Tuesday, March 25, 2014

20. කටවහ.... :(

ගමක හිටියා මිනිස්සු දෙන්නෙක්. උන් දෙන්නා හොඳ යාලුවෝ. එකෙක් කටවහ කාරයෙක්. ඌ මොකක් හරි කිව්වොත් ඉවරයි.
දවසක් ගමේ පාර හදනවා. පාරට බොරලු දාලා ගල් රෝලකින් තලනවා. වැඩකරන කටිය තේ බොන්ඩ වැඩ නවත්තපු වෙලාවේ කටවහ ඩයල් එක එතෙන්ට ආවා.ඇවිල්ලා ගල් රෝලේ ලඟට ගිහිල්ලා මෙහෙම කිව්වා.
"
අපේ අම්මේ..... මෙකෙන්නේ මෙච්චර දුරක් මේ බොරලු ගොඩ තැලුවේ ඈ......අනේ...වාසනවන් " .

පාරේ වැඩකරන කට්ටිය තේ බීලා ආයේ වැඩ පටන්ගන්න ආවා. ඒත් මාර කේස් එක. ගල් රෝල ස්ටාර්ට් වෙන්නේම නෑ. එක එක කට්ටිය හදන්න හැදුවා හැදුවා ඒත් හරිගියේ නෑ. ගල් රොලේ හොල්ලගන්ඩවත් විදියක් නෑ. බැරිම තැන වෙන එකක් ගෙනල්ලා වැඩ පටන් ගත්තා.

ඔය සීන් වලින් පස්සේ ගමේ මිනිස්සු කටවහ කාටයගේ මූනට හම්බුවෙන්නත් බයයි. මොකක් හරි කියලා, "අනේ වාසනාවන්" කියල කිව්වොත් එහෙම ඒ මනුස්සය හරි ඒ මනුස්සය කොරන්ඩ යන වැඩේ හරි එතනම නවතිනවා.

කටවහ කාරයගේ යාලුවෙක් හිටිය කියල මුලින්ම කිව්වේ.පොරගෙ නම සුරංග. සුරංග ගමේ හිටපු ගුණපාලයත් එක්ක හෙන ඊරිසියයි. ගුනපාලයට තිබ්බ වතක් .වත්ත පුරා තැඹිලි ගස් හිටවල තිබ්බා. එව්ව්ගෙ තැබිලි ගෙඩි හැදිලා ලස්සනේ බෑ.සුරංගයා හැමදාම ඔය වත්ත ලඟින් යද්දි ඊරිසියාවෙන් පුපුර පුපුර ගියේ. ගුණපාලයගෙ වත්තේ ගස් වල තැඹිලි හැදෙන්න හැදෙන්න සුරංගයගේ ඊරිසියාව තවත් වැඩි උනා. අන්තිමේදි සුරංගයගේ ඊරිසියාව උපරිමේටම නැගගට පස්සේ සුරංගය කල්පනා කලා ගුනපාලයගෙ තැඹිලි වගාවට ගෙමක් දෙන්න ඕන කියලා.සුරංගය ගැහුවා නියම ප්ලැනක්.
ප්ලෑන තමා උගේ කටවහ යාලුවාට තැඹිලි වත්ත පෙන්නලා "ෂා නියම තැබිලි ගස් ටික..අනේ... වාසනාවන් " කියලා කියවගන්න එක. කටවහ කාරයා එහෙම කිව්වනම් පහුවදා වෙද්දිම සුවර් එකට ගස් ඔක්කොම කනාටු වෙලා යනව කියලා සුරංගය දන්නවා.

එක දවසක් සුරංගයා කටවහ කාරයත් එක්ක ගමනක් යනවා. ඔන්න යනකොට දෙන්නා ගුණපාලයගෙ තැඹිලි වත්ත ලඟිනුත් යනවා. සුරංගය හිතුවා මෙක තමා අරූට තැඹිලි වත්ත පෙන්නෙන්ඩ හොඳම වෙලාව කියලා මෙහෙම කිව්වා

"
මේ මචන්, උඹ දන්නවද මේ තියෙන්නේ ගුණපාලයගේ තැඹිලි වත්ත . බලපන්කෝ ගස් වල තියන තැඹිලි ඉති ගොඩ"

කටවහ කාරයට පොඩ්ඩක් ඇස් පේනවා අඩුයි. පොරට හරියට සීන් එක පේන්නේ නෑ.

"
කෝ සුරංගයෝ මට පෙන්නෙ නෑ නේ එක තැඹිලි ගෙඩියක් වත්" කටවහ කාරය කිව්වා.

එතකොට සුරංගය කිව්වා "බලපන්කෝ හොඳට, මචං ඔය හැම ගහකම හැදිලා තියෙන්නේ සරුසාරෙට" කියලා.

"
කෝ... මට තැඹිලි තියා මෙලෝ ගෙඩියක් පෙන්නේ නෑ බං" කටවහ කාරය කිව්වා.

බැරිම තැන සුරංගයා කටවහ කාරයව ඇදගෙන වත්තේ වැට අයිනටම ගිහිල්ලා "අර තියෙන්නේ බං තැඹිලි කියලා " පෙන්නුවා.

ඒ පාර නම් කටවහ කාරය තැඹිලි දැක්කා. ඊට පස්සේ ඌ ඇස් දෙක ලොකු කරන් සුරංගය දිහා බලලා මෙහෙම කිව්වා.



"අච්චර දුර ඉඳන් මේ තැඹිලි ඉති ඔක්කොම උඹට පෙනුනද බං
සුරංගයෝ......... 
උඹේ ඇස් දෙක තමා ඇස් දෙක
අනේ..... වාසනාවන්, අනේ..... වාසනාවන් "



මෙය  ගෙම්බා ලද  අද්දැකීමක්  ඇසුරෙන්  නිර්මාණය  වුවකි ...  
අනේ..... වාසනාවන් 

19. ගෑඹුරුම ගුහාව




මචන්ල ඔය උඩින් තියෙන්නෙ ලෝකේ ගෑඹුරුම ගුහාව...
මේක ජෝර්ජියවෙ Abkhazia වලලු තියෙන්නෙ...
ගෑඹුර 2191m වෙනවලු
මෙක හොයාගෙන තියෙන්නෙ 2004.

මේ තමයි මතුපිට පෙනුම






මේ තියෙන්නෙ ඈතුලෙ ලස්සන...









මෙ ගුහාව krubera cave කියන නමෙනුත් හදුන්වනව.  
දෑන් මේක ගොඩාක් රසිද්දයි..
එක නිසා ගොඩාක් සන්චාරකයො එනවලු මේක බලන්න දෑන් දෑන් මේ අවට ගොඩාක් හෝටල් එහෙමත් හෑදිලලු...
හෙට අනිද්දා මම ගිහිල්ලා තව ෆොටො ටිකක් එවන්නම් හොදේ...