ඉංජිනේරුවෙක්
තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට
පොලීසියට ගියේය...
ඉංජිනේරුවා
: මගේ wife අද shopping ගියා..
ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone
එක වැඩ කරන්නෙත් නෑ....
පොලිස්
නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද
එයාගේ උස කීයද කියල..
ඉංජිනේරුවා
: ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....
පොලිස්
නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife
කෙට්ටුද නැත්තම් මහතද....?
ඉංජිනේරුවා
: කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....
පොලිස්
නිලධාරියා : eye colour එක
මොකක්ද?
ඉංජිනේරුවා
: එකනම් මට මතක නෑ...
පොලිස්
නිලධාරියා : එහෙනම් hair colour එක...
ඉංජිනේරුවා
: ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු
පාට මට එච්චර මතක නෑ...
පොලිස්
නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?
ඉංජිනේරුවා
: සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි
තමයි... හරියටම මතක නෑ.....
පොලිස්
නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping
ගියේ...
ඉංජිනේරුවා
: ඔව් ඔව්...
පොලිස්
නිලධාරියා : කාර් එක මොන වගේද...?
ඉංජිනේරුවා
: කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්...
ගියර් eight-speed tiptronic automatic transmission with manual mode...
full LED headlights... ඉස්සරහා.....
පොලිස්
නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක
හොයාගන්න පුළුවන් වෙයි....