Friday, April 25, 2014

23. මා මිතුර...


 රුදුරු ගල් කුලු මතින්
සිනිදු පෙන පිඩු නගින...
ගලන ගඟ සුන්දරය
සිහිල් දිය පිරී ඇත..
අපගේ මේ ආදරය
ඒ වගෙයි මා මිතුර...
හමු නොවන කිසි දිනක
ගං දෑල වෙමු අපී...
සයුර තෙක් යන තුරුම
දෙපස සිට ගඟ රකින...